ජගත් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් හි 9 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සමත් වුණා.
ඒ ඔහු ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන්.
මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට චන්දිමාල් පසවුණේ 17 වැනි ස්ථානයේ.
නමුත් ඔහු ටෙස්ට් තරගාවලියේදී ලකුණු 366 ක් රැස් කිරීම මෙලෙස ඉදිරියට පැමිණීමට හේතුවුණා.





