Press "Enter" to skip to content

සිංහල අවුරුද්දයි වෙසක් පෝයයි දෙකම එකට.

මේ දවස්වල බොහෝ දෙනෙක් කතාබහ වෙන්නෙ 2018 අවුරුද්දෙ කැලැන්ඩරේ ගැන.

ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අලුත් අවුරුද්දෙ කැලැන්ඩරේ අතට ගත්ත ගමන් නිවාඩු වැටිලා තියෙන දින ටික දැනගන්න.

2018 කැලැන්ඩේ මේ වෙද්දි ප්‍රින්ට් කරලා ඉවරයි..
ඒ කැලැන්ඩරේ ගැනයි මේ.

2018 කැලැන්ඩරයේ සෙනසුරාදා දවස් 52 ක් සහ ඉරිදා දවස් 52 ක් තියෙනවා. සති මැද නිවාඩු තියෙන්නෙ දවස් 22 ක් විතරයි.

රැකියා වරප්‍රසාද නිවාඩු 30 ක් තියෙනවා. මේ ඔක්කොම එකතු වුණාම නිවාඩු 156 ක් 2018 අවුරුද්දෙ තියෙනවා.

එතකොට වැඩ කරන්න තියෙන්නෙ දවස් 209 ක් විතරයි.

2018 ජනවාරි මාසයේ පෝය නිවාඩු 2 ක් තියෙනවා. ඒ ජනවාරි 1 වෙනිදා සහ 31 වෙනිදා. ඒ නිසා පෙබරවාරි මාසයේ පෝය නිවාඩුවක් වැටිලා නෑ.

මේ අවුරුද්දේ ජාතික නිදහස් දිනය යෙදෙන්නෙත් ඉරිදා දිනයක. හැබැයි ඒ වුණත් 5 වන සඳුදා රජයේ නිවාඩු දවසක් විදියට නම් කරලා තියෙනවා.

මාර්තු මාසයෙත් පෝය දවස් 2 ක් යෙදිලා තියෙනවා.

2018 වෙසක් පෝය තියෙන්නේ අප්‍රේල් මාසයේ. ඒ නිසා මැයි මාසයේ අධි පොසොන් පෝයක් තියෙනවා.