Press "Enter" to skip to content

අම්මයි තාත්තයි කියන්නේ මේක කාලය කන වැඩක් කියලයි.

ගංගු ආදරේ ගැන මොකද හිතන්නේ..?
ආදරේ කියන්නේ මනුස්ස භාවය ලැබුණු කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් හැටියටයි මම හිතන්නේ. පුද්ගලයින් අනුව තරුණ වයසේදී නියම ආදරේ ලැබෙන අයත් ඉන්නවා බොරු ආදරේකට රැවටෙන අයත් ඉන්නවා. ඇත්ත ආදරේ ලබන අය වාසනාවන්තයි.

ඒ කියන්නේ ගංගුටත් විශේෂ ආදරයක් තියෙනවා..?
විශේෂ ආදරේ ලැබිලා තියෙනවා. එක එක කාලවලදී එක එක විදිහට. දැන් නම් විශේෂ ආදරයක් නියම ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

විවාහයට කාලය හරි කියලා දෙමාපියන් කියනවත් ඇති..?
ඕනෑම කෙනෙක් වගේ මමත් විවාහයක් ගැන හිතනවා. කොහොමත් මට නම් විවාහ නොවී ඉන්න දෙන එකක් නැහැ අම්මා. හැමෝම විවාහ වෙන්නේ නැද්ද කියලා අහලම මටත් එපා වෙලා ඉන්නේ.

ජනප්‍රිය නළුවෝ ආදරේ ඇරයුම් කරලා නැහැ කිව්වොත් ඒක බොරුවක්..?
ඇත්තටම මට නම් කවුරුත් නළුවෝ ආදරෙයි කියලා නැහැ. ආදරයට ඇරයුම් කරලත් නැහැ. මොකද මම වැඩකට ගියොත් ඒ වැඩේ කරලා එනවා. විශේෂ සම්බන්ධකම් පවත්වන්න යන්නේ නැහැ.

තරුණියකට රංගනය කියන්නේ හොද තැනක් නෙමෙයි කියලා දෙමාපියන් ඊට වාරණ දාලා නැද්ද..?
මගේ දෙමාපියන් අද නෙමෙයි මම රංගනයට යොමු වුණු කාලෙම ඊට විරුද්ධ වුණා. අදටත් මම රගපානවට කැමති නැහැ. අම්මයි තාත්තයි කියන්නේ මේක කාලය කන වැඩක් කියලයි. එයාලා ලෝකය දකින විදිහ වෙනස්. ඒත් මම මට හානියක් කරගන්නේ නැතිව ඉන්න නිසා ලොකුවට බලපෑම් කරන්නේ නැහැ.

හිත ගිය නළුවෝ නැද්ද..?
මම ගොඩක් ආදරේ කරනවා රවින්ද්‍ර රන්දෙණිය හා ජීවන් කුමාරතුංග කියන චරිත වලට. මට තවම අවස්ථාව ලැබිලා නැහැ ඒ අය එක්ක රගපාන්න. රගපාන්න ආසයි.

නවක පරපුරේ අයගෙන් අවස්ථාවක් ලැබුණොත් රගපාන්න කැමති නළුවා කවුද..?
එහෙම කෙනෙක් නැහැ මට නම්. මෑතකදී දක්ෂ නළුවෝ බිහි වුණේ නැහැ.