Press "Enter" to skip to content

අපේ ක්‍රමේට රජමඟුල් කරන්න චීන යුවළ 100කට අනුග්‍රහය ලංකාවෙන්.

එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා චීන ජාතික මනාල ,මනාලියන් යුවළ 100 ක් කොළඹ පුරහලේදී විවාහවන බව අද (29) වොටරස් එජ් හී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය මත්‍ය චම්පික රණවක පැවැසීය. . ශ්‍රී ලංකා සාම්ප්‍රදයට අනුව චීන ජාතික තරුණ තරුණියන් යුවළවල් 100ක් එකම තැනකදී යුග දිවියට ඇතුලත් කර දීම, රාජකීය විවාහා මංගල්‍යයක් ලෙස පැවැත් වීමට සැළසුම් කර ඇත. මෙම රාජකීය විවාහා මංගල්‍යයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වීමට නියමිත ය. මෙ මගින් චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වඩ වඩාත් තහවුරු කර ගත හැකි බවද මෙහිදී ඇමැතිවරයා පැවැසිය.බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය හා චීන රජය මෙම උත්සවය සංවිධානය කරයි.