Press "Enter" to skip to content

විවාහ වෙන්න අවසර දෙනවනම් බඳිනවා. ක්‍රිකට් තරුවකගේ ඉල්ලීම

ඔස්ට්‍රේලියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වූ  Megan Schutt කාලයක පටන් රුවැත්තියකට ආදරේ කරනවා.

ඒ Jess Holyoake කියන තරුණියට.

මේ දෙන්නාට විවාහ වෙන්න ලොකු වුවමනාවක් තියෙනවා. නමුත් සමලිංගික විවාහයට පිවිසෙන්න නම් රටේ ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දෙන්න ඕන.

මේ දෙන්නට විවාහ වෙන්න අවසරය ලබා දෙන්න අවශ්‍ය ඡන්ද ප්‍රමාණය සම්පුර්ණ කරලා දෙන්න කියලා මේ දෙන්නා අහිංසක ඉල්ලීමක් කර තිබෙනවා.

ඇය ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට දකුණත් මද වේග පන්දු යවන්නියක් විදිහට කටයුතු කරනවා.

ඒ වගේම ඇය මේ ඉල්ලීම කරමින් කියන්නේ මේ දෙන්නා විවාහ වෙනවාට කැමති නම් ඔව් හෝ නැතිනම් නැහැ යන වග tweet කරන ලෙසයි.

අවසරය ලැබෙන තුරු නොවිසිල්ලෙන් ඉන්න බවත් ඇයගේ පෙම්වතිය එක්ක පවුල් ජිවිතේ ගෙවන්න සිහින දකින බවත් ඇය කියනවා.