“කෙල්ලෝ නැහැ ඉන්නේ අන්ටිලානේ..”
“කට කතා වලින් බේරෙන්න මම හැංගිලා හිටියේ නැහැ..”
“ආදරණිය හිත් වල මගේ හිතත් නතර වෙලා තියෙනවා..”
මම නම් හොදින් ඉන්නවා. සංගීත ජිවිතයේ වැඩකටයුතු එක්ක.
ප්‍රසංග වේදිකාව එක්ක කාර්ය බහුලයි අදටත්. මම තෝරාගත්ත ප්‍රසංග වලට සහභාගී වෙනවා. ප්‍රතික්ෂේප වෙලාද කියලා මට නම් තේරෙන්නේ නැහැ කියන්න. නමුත් මට වෙනදා වගේම ආරාධනා ලැබෙනවා. මම අද ජපානයේ ප්රසංගයකටත් සහභාගී වෙනවා. එහේ ඉන්න ලාංකිකයින් වෙනුවෙන් ගී ගයන්න. ඒවගේම විදෙස් රටවලට යනවා ප්‍රසංගවලට ආරාධනා ලැබුණම. මට නම් වෙනසක් දැනිලා නැහැ.
අලුත් නිර්මාණ නම් මම ගොඩක් කරලා තියෙනවා. නමුත් මාධ්‍යට දුන්නේ නැහැ. පසුගිය කාලයේ මම මුලින්ම හිරු එෆ් එම් එකට ගීතයක් දුන්නා. අහිංසක මගේ හිත හැඩුවා. කියලා. මේ ගීතය හිරු ටොප් ටෙන් එකටත් ගියා. ඒ වගේම සොලෝ එකක් කරන්න අදහසක් තියෙනවා ඉදිරියේදී ගීතයකට රූපරචනයක් කරන්නත් අදහසක් තියෙනවා. කොහොම නමුත් හොද ගීත රසිකයින්ට ලබා දීම තමයි මගේ අරමුණ.
මෑතකදී නම් ආරාධනා ලැබුණේ නැහැ. සමහර චිත්‍රපට අධ්යක්ෂවරු කතා කරන්නේ චිත්‍රපටිවලට කියලා නමුත් ඒ සින්දු කළාට පස්සේ ඇහෙන්නේ රිගින් ටොන් වල. ඒ ගැන හොයලා බලද්දී කතා කරපු අයත් අතුරුදහන් වෙලා. ඒ වගේ සිද්ධි කිහිපයක් වුණා. ඒ නිසා මම එහෙම ආරාධනා ආවොත් හොයලා බලලා තමයි සම්බන්ධ වෙන්නේ.
ඇත්ත ජනප්‍රිය අයට කට කතා හැදෙන එකයි කටකතා පැතිරෙන එකයි වැඩියි. නමුත් එහෙම කියලා මම නම් හැංගිලා හිටියේ නැහැ. හැංගෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම පෙන්න ඉන්නවා.
ගැහැණු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
ප්‍රතිචාර හොදයි. ඉස්සර වගේ වැඩිපුර ලියුම් දැන් එන්නේ නැහැ. කතා කරන්න ෆෝන් තියෙනවා. පුළුවන් විදිහට එන ඇමතුම් වලට මම කතා කරනවා.එස් එම් එස් වලට උත්තර යවනවා. වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ෆේස් බුක් එකෙන්.
මම ෆේස්බුක් ඉන්නේ එක ගිණුමකින් විතරයි. නමුත් මට නිතරම ඒකට යන්න බැහැ. වෙලාවක් නැති නිසා. ඒත් මගේ නමින් ඉන්න සමහර පිරිස නිසා මම බැණුම් අහලත් තියෙනවා. මම කැත විදිහට කෙල්ලෝ එක්ක චැට් කරනවා කියලා. නමුත් ඒ මම නෙමෙයි කියලා ඒ අය දන්නේ නැහැ. සමහර අයට මම මගේ ඔරිජිනල් එකවුන්ට් එක පෙන්නනවා. මම කියලා වෙන අය එක්ක තරුණියෝ චැට් කරනවත් ඇති. නමුත් ඒ මමමද කියලා බලලා චැට් කරන්න කියලා මම මගේ රසිකයින්ට කියනවා. ඒ දේවල් අපිට නතර කරන්න බැහැ.
ආදරණිය හිතක් ලග නෙමෙයි ආදරණිය හිත් ළග මගේ හිත නතර වෙනවා. මට ආදරේ කරන අයට මමත් ආදරෙයි.ඒ සහෝදර බැදීම්. කොහොම වුණත් දැන් කෙල්ලෝ නැහැනේ ඉන්නේ අන්ටිලානේ.




