බලංගොඩ – ඇල්ලෙපොළ – රන්දොල ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක පමණ කුඩා දැරියක් ගෙළ වැළලාගෙන මියගිය පුවතක් ඊයේ සවස වාර්තා වූවා.
දැරිය සිය නිවස පිටුපසදී මෙලෙස සිය දිවි හානිකරගෙන තිබුනා.
එම අවස්ථාවේ නිවසෙහි කිසිවෙකුත් සිට නොමැති බවටයි වාර්තා වන්නේ.
දැරියගේ මව කුලී රැකියාවක නිරත වන අතර, පියා ඔවුන්ගෙන් වෙන්ව සිටින බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම මරණයට හේතු වී ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.




