“කකුල් පැලිලා ලේ එනවා එත් නටනවා”…
“උඩ ඉඳන් පහළට එනකොටම දැක්කා වැඩේ හොඳටම යයි කියලා”
හිරු SUPER DANCER වේදිකාවේ පළමුවරට අවසන් 48 දෙනාගෙන් එක් දරුවෙක් නර්ථන දක්ෂතා දැක්වූ සැනින් අවසන් තරඟකරුවන් 24 දෙනාගේ තරඟ වටයට යන්න වරම් උදා කරගත්තා.
ඊයේ දිනයේ ප්‍රේක්ෂකාගාරය මවිත කරමින් ළහිරුගේ නර්ථන වින්‍යාසයෙන් වේදිකාව හැඩකළේ රත්නපුර ප්‍රදේශයෙන් තරඟට පැමිණි ජනිඳුයි.
විනිසුරුවන්ගේ ඇගයීමට ලක්වුණු ජනිඳුගේ නර්ථනයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. එහිදී නර්තන කලාවේ පුරෝගාමී පණීභාරතයන්ගේ වැඩිමහල් දියණිය වන අපේ කාලයේ නූතන නර්ථනයේ ගුරුතුමිය උපුලි පණීභාරත මහත්මිය යෝජනා කළේ ජනිඳු එම අවස්ථාවේදිම ඊලඟ තරඟවටයට යොමුකළයුතු බවයි.
“හිරු Super Dancer” සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 8.30ට හිරු ටීවී තුළින් විකාශය වන අතර ඊයේ දිනයේ සියළුදෙනා පුදුමයට පත්කළ ජනිඳුගේ නර්ථනය පහතින් බලන්න







