2018 වසර සඳහා වන අයවැය යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔහු, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය ලෙසද මෙය සැළකෙනවා.
අමාත්‍යවරයා පස්වරු 3 ට සිය අයවැය කථාව ආරම්භ කරනු ඇති.
නිදහස් ශ්‍රී ලංකාවේ 71 වන අයවැය මෙය වන අතර, සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අයවැය ලෙසයි මෙය සැළකෙන්නේ.
තරුණ ප්‍රජාවට විශේෂ සහන සැළසීමේ යෝජනා රැසක් මෙවර අයවැය තුළ ඇතුළත් බවයි අමාත්‍ය මංගල සමරවීර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
අයවැය ලේඛනයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට සිට ලබන 16 වනදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම එදින පස්වරු 5 ට සිදු කෙරෙනු ඇති.
එමෙන්ම අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 17 වනදා ආරම්භ වී දෙසැම්බර් මස 9 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ හෙවත් අවසන් ඡන්ද විමසීම එදින සිදු කිරීමට නියමිතයි.
අයවැය ඉදිරිපත් කෙරෙන අද දින පාර්ලිමේන්තු පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා.




