Press "Enter" to skip to content

තෙල් රැගෙන ⁣’නෙවස්කා ලේඩි’ ඊයේ රාත්‍රියේ කොළඹට සේන්දු වෙයි. – Video

“ඔක්ටෙන් 95 න් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,500 යි”

“ඔක්ටෙන් 92 න් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32,500 යි”

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000 ක් රැගත්, ⁣”නෙවස්කා ලේඩි” නෞකාව මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.

එහි ඉන්ධන රසායනාගාර පරීක්ෂා සඳහා යොමු කළ බව, ඛණිජ තෙල් සංස්ථාව හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවා.
මේ අතර කොළඹ වරාය භාරකරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නෞකාවෙන් රැගෙන එන ඉන්ධන මුතුරාජවෙල බෝයාව මගින් පොම්ප කෙරෙන බවයි.

එසේම නෞකාව බෝයාවට ළඟාවීමට පෙර ඉන්ධනවල ප්‍රමිතිය පරික්ෂා කිරිම සදහා රසායනාගාර පරික්ෂකයින් නෞකාව වෙත පිටත්ව යාමට සුදානමින් සිටින බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කලා.

ඒ අනුව අද දහවල් 2න් පසු දිවයින පුරා පෙට්‍රල් බෙදාහැරිමේ කටයුතු සදහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

උපුටා ගැනීම – හිරු ගොසිප්.