Press "Enter" to skip to content

උපතින් අබාධිත උවත් දක්ෂකමට මායිම් නැහැ ලොවේ.

 ආබාධිත දරුවන්ට ගුරුවරියක් වූ සුරූපී තරුණියක් තමයි පාරමී කියන්නේ.

ඇයගේ ඒ කරුණාවන්ත කමට කණිෂ්ක කියලා පෝසත් තරුණයෙක් ආදරය කරනවා. නමුත් ඔහු මුලින් හිතන්නේ ඇයත් ආබාධිතයි කියලා.

දවසක් බස් එකේදී ඔහු ඇයට ආදරය ප්‍රකාශ කරනවා. ඒ තමන්ගේ අත් අකුරින් වචන ලියූ කඩදාසි වල ලියලා ඇයට පෙන්නලයි.

පසුව ඇය උත්තර දෙන්නේ ගෙදරින් අහන්න කියලයි.

නමුත් මේ සම්බන්ධයට කණිෂ්කගේ අම්මා විරුද්ද වෙනවා. ඒ පාරමී දුප්පත් නිසාත් ඇගේ පියාගේ දෑස් පෙන්නේ නැති ආබාධිත කෙනෙක් නිසායි.

කොහොම වුණත් නොයෙකුත් බාදක මැද පටන්ගන්න දෙන්නගේ ආදරය අන්තිමේදී විවාහය දක්වා දුරදිග යනවා.

නමුත් පාරමීට අවුරුදු 5ක් විතර යනකම් දරුවො ලැබෙන්නේ නැහැ. ඒ නිසා කණිෂ්කගේ අම්මා නිතර නිතර පාරමීට ඇනුම්පද කියනවා.

පාරමී විවාහ වුණත් ගුරුවෘත්තිය අමතක කළේ නැහැ. ඒ නිසා කණිෂ්කත් එක්කත් පුංචි පුංචි ප්‍රශ්ණ මතුවෙනවා.

කොහොම වුණත් අන්තිමේදී පාරමීගේ කුස තුළ දරුවෙකු වැඩෙනවා. ඒ හේතුව නිසා කණිෂ්කත් පාරමීත් හරිම සතුටින් කාලය ගතකරනවා.

නමුත් පාරමීට අබාධිත දරුවන් සිටින පාසලට යන්න කණිෂ්ක තහනම් කරනවා. ඒ හේතුව නිසා ආපහු පාරමීට ප්‍රශ්ණ ඇතිවෙන්න පටන්ගන්නවා.

ප්‍රශ්ණ දුරදිග ගිහින් අන්තිමට පාරමී කණිෂ්කගේ ජීවිතෙන් ඈත් වෙන්න තීරණය කරනවා.

දවසක් දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න පාරමී හදිසියේම පාසලේ වේදිකාවකින් වැටිලා රෝහල් ගත කරනවා.

අන්තිමේදී කණිෂ්ක දැනගන්නවා මිත්‍යා කතාවලට වඩා පාරමීගේ යහපත් සිතුවිලි නිසා ඔවුන්ගේ ජීවිතයට යහපතක් වෙලා කියලා.

තාරුකා වන්නිආරච්චි, විශ්ව කොඩිකාර, කාවිංග පෙරේරා,  අවන්ති අපොන්සු , මීනා කුමාරි ඇතුළු රංගන ශිල්පීන් මෙම ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායකත්වය සපයනවා.

පාරමීගේ ජීවිත කතාව පහතින් බලන්න