දුක් කම්කටොලු මැදින් ඉදිරියට ගිහින් ජීවිතය දිනන්නාගේ සතුට මිය යනතෙක්ම පවතිනවා. ඒ විදිහට බාධක මැද ජීවිතය හොයපු ශාරුක් ඛාන් කියන කිං ඛාන් මුළු ලොවම දන්න සුපිරි නළුවෙක් බවට පත් වෙනවා.
තරුණියන්ගේ සිහින කුමරුගේ උපන් දිනය අද. වර්ෂ 1965 නොවැම්බර් මස 2 දා මුස්ලිම් දෙමාපියන් දෙදෙනෙකු දාව මොහු උපදිනවා. ඉන්දියාවේ නව දිල්ලියේ මුල් අවුරුදු පහ ජිවත් වෙන ඔහු හා ඔහුගේ කුඩා කාලය පසුව ගෙවෙන්නේ Mangalore වල. ඒ මිත්තණිය හා ඉංජිනෙරුවෙක් වුණු මුත්තා එක්ක.
දෙමාපියන් ටික දවසකට පකිස්ථානයට ගිය නිසා ඔහු ජිවත් වෙන්නේ ආච්චිගේ ආදරෙත් එක්ක. Hansraj විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ශාරුක් පසුව Delhi විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. වර්ෂ 1980 දී ටෙලිවිෂනයත් එක්ක එකතු වෙන ඔහු නළුවෙක් වෙන්න හීන මැව්ව කෙනෙක්.ඒ විතරක් නෙමෙයි ඔහුව බොහෝ සිනමා අධ්‍යක්ෂකවරුන් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක්.
ඒ විදිහට ඔහු ප්‍රතික්ෂේප වෙන්නේ ඔහුගේ රංගනය ගැන කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි නිසයි. කොහොම නමුත් ඔහුව හැමෝගෙම ආකර්ෂණය ඇති නළුවා කරන්නේ දිල්වානේ චිත්‍රපටය. ඒ වර්ෂ 1992දී. ඒ විදිහට ඔහුගේ ඉරණම වෙනස් වෙනවා.
අද ඔහු ඉන්දියාවේ ඉන්න නළු රජු කෙනෙක්. අද ඔහු සිය 52 වැනි සැතපුම් කණුව පසු කළා. ශාරුක් ඔබට සුබ උපන් දිනයක් කියන්න කවුරුත් අමතක කළේ නැහැ.
























