එළඹෙන සීතල නත්තල උත්කර්ශවත් අයුරින් සමරන්න බෙන්තොට විවන්ටා ටාජ් (Vivanta by taj Bentota) හොටලය සූදානම් වෙනවා. ඒ කිලෝ 50 ක බරින් යුත් නගරයේ විශාලම කෙක් ගෙඩිය සුදානම් කරමින්. මෙහි විශේෂත්වය වන්නේ කෙක් මිශ්‍රණය සැකසීම සඳහා හොටලයේ ප්‍රවීන සූපවේදීන්ට අමතරව ඔහුන්ගේ ප්‍රමුඛ තා ලැයිස්තුවේ සිටින පාරිභෝගිකයන්ට ද අවස්ථාව සලසා දී තිබීමයි. එම කෙක් මිශ්‍ර වැඩසටහනට අවශ්‍යය එප්‍රන් හා අත් වැසුම්ද හෝටලයෙන්ම ලබා දෙනවා.
මෙම නත්තල් කේක් ගෙඩිය සඳහා අවශ්‍ය වන සියලු අමුද්‍රව්‍ය මිශ්‍ර කර පැසෙන්නට තබා දෙසැම්බර් 10 වන විට සකස්කර අවසන් කරනවා.
මෙහි ප්‍රධාන කළමනාකාර රන්ජිත් ශන්කර් කියා සිටියේ විවිධ සංස්කෘතීන් ජීවත් වන රටක් ලෙස සැමට එක හා සමානව ආගන්තුක සත්කාර කරන රටක් බව පෙන්වීමට මෙය හොඳ අවස්තාවක් වනු ඇති බවයි.
එමෙන්ම දෙසැම්බර් මාසය පුරාවට නත්තල් කාලයටම ඔබින විවිධ විශේෂ කෑම වට්ටෝරු රැසක්
Vivanta by taj Bentota හොටලයේ හී දී රසවිඳිය හැකී.

