ප්රවීණ රංගන ශිල්පී නිරෝෂන් විජේසිංහ මේ දවස්වල අලුත්ම චරිතයකින් ප්රේක්ෂකයන් අතරට එන්නට සූදානම් වෙලා. ඒ නවතම චිත්රපටයක රඟපාමින්. නිරෝෂන් රංගන ශිල්පියෙක් පමණක් නොවෙයි. අපූරු කවි, ගීත රචකයකු ද වෙනවා. ‘ඉතිරි වුණු පිටු කිහිපයක්’ කවි පොත එයට කදිම උදාහරණයක්.
ඔහුගේ රංගනයේ ප්රතිභා පූර්ණත්වය නිසාම පසුගියදා පැවැති ‘සිග්නීස්’ සම්මාන උළෙලේ දී ද නිරෝෂන් සම්මානනීය වීමට වාසනාවන්ත වූවා. ඔහු රංගනයෙන් දායක වූ අමතක කළ නොහැකි චිත්රපට , ටෙලි නාට්ය , මෙන්ම වේදිකා නාට්ය චරිත ද බොහොමයක් තිබෙනවා. මේ හැමදේම එක්ක ඔහු මේ දිනවල රඟපාන නවතම සිනමා චරිතය වගේම ඔහුගේ කලා දිවියේ විශේෂ තොරතුරු අප සමඟ කතා බහ කළා.’මම කුඩා කාලෙ ඉඳළම රංගන ශිල්පියෙක් වෙන්නට හුඟක් ආසාවෙන් හිටියේ.
එනිසාම සාමාන්ය පෙළ හදාරන අවධියේ සිටම මම වීදි නාට්යවලට සම්බන්ධ වුණා. ඒ අතර පාසල් වේදිකාව මට අමතක කරන්න බැහැ. පාසලේ දී වේදිකාවේ රඟපාමින් පාසල් සිසුන් නාට්යවලට පුහුණු කිරීම පවා මම සිදු කළා. ‘
මේ වන විට ඔබේ කලා දිවියට වසර 25ක් සපිරෙනවා?
ඔව් ලොකු සතුටක් දැනෙනවා. විසිපස් වසරක් කියන්නේ දිගු කාලසීමාවක්. මම කාලයක් තිස්සේ බොහොම සංයමයකින් වගේම කැපවීමකින් පැමිණ ගමනක් තමයි මේ . මම බෞද්ධ ධර්මය විශ්වාස කරන්නෙකු ලෙස කලාකරුවෙක් වෙන්නට ලැබුණේ මගේ වාසනාව නිසා කියලයි මම හිතන්නේ. මේ වන විට මම ටෙලි නාට්ය 200කට වැඩි ප්රමාණයක රඟපාලා තිබෙනවා. වේදිකාව, චිත්රපට බොහොමයක් ද වෙනවා. නමුත් අද අවාසනාවකට කලාවේ දක්ෂයාට නෙවෙයි තැන තිබෙන්නේ . ඒ ගැන දුකයි.
ඔබේ නවතම රඟපෑම් ගැන කතා කළොත්?
මම චරිත මවන නවතම චිත්රපටය තමයි ‘ජමිලා ‘ . එහි යකඩ සමඟ හැප්පෙන චරිතයක්. අලුත්ම තේමාවකින් ලංකාවට පමණක් නොවෙයි මුළු ලෝකෙටම කතා කරන තේමාවකින් යුතු චිත්රපටයක් එය. මගේ හැඩ රැව ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් .මේ දවස්වල එහි රූගත කිරීම් සිදු වෙනවා.
‘පියස’ නාට්යයේ රංගනය වෙනුවෙන් ඔබ සම්මාන ලැබුවා?
ඔව්. එහි ‘සුරේන්ද්ර’ චරිතය වෙනුවෙන් තමයි සම්මාන ලැබුණේ. එය නාට්යයේ හැටියට ඉතාම සුළු චරිතයක් වුණත් මගේ රංගනය ප්රබලව ඉස්මතු කරන්නට මට හැකි වුණා. එය ඇගයීමට ලක්වීම සතුටක්.




