Press "Enter" to skip to content

මහනුවර නලින්දගේ හදවතින් යළි ජීවය ලබන්නට වාසනාවන්ත වූ සචිනිගේ සංවේදි කතාව

මහනුවර මහ රෝහලේ සිදු කළ දෙවන හෘද බද්ධ කිරීමේ සැත්කම ඉතා සාර්ථකව සිදුකළ බව මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්ය සමන් රත්නායක සඳහන් කරනවා.ඊයේ (27) දින මෙම සැත්කම සිදුකරනු ලැබුවේ හදවත 10% ක් තරම් වූ ක්රියාකාරිත්වයක් නොමැති අලුත්ගම කළුවා මෝදර පදිංචි 19 හැවිරිදි සචිනි සෙව්වන්දි නමැති දැරියටයි. මෙම සැත්කම පසුගිය විසි දෙවන දින සිදු කිරීම සඳහා පොළොන්නරුව ප්රදේශයේ රථ වාහන අනතුරකින් මියගිය අයෙකුගේ හදවත ලබාගෙන සිදුකිරීමට සූදානම් වුවත් සැත්කමට භාජනය කිරීමට නියමිතව සිටි තරුණියගේ හදවතේ හා පෙනහැල්ලේ ගැස්ම පරික්ෂා කිරීම සඳහා සුදුසු උපකරණයක් නොමැතිවීම නිසා කල් දැමීමට සිදුවුණා.

මේ පිළිබඳව අවධානය යොමු කළ අමාත්ය රාජිත සේනාරත්න විසින් අවශ්යය උපකරණ ලබා දීම අනුව නැවත මහනුවර තලාතුඔය කපුලියද්ද ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි නලින්ද සකලසූරිය නැමති තරුණයා රිය අනතුරකට ලක්වීමෙන් මිය යාම නිසා ලබාගත් හදවත බද්ධ කිරීම 26 රාත්රියේදි සිදු කළා. මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්ය සමන් රත්නායක සඳහන් කලේ මෙම ශල්යකර්මය ඉතා සාර්ථකව සිදු කළ බවත් දැනට රෝගී තරුණිය හොද ශරීර සෞඛ්යයෙන් සිටින බවයි.

Be First to Comment

Leave a Reply