ජනපති මෛත්‍රී හා අගමැති මහින්ද එක්වීම ජනතාව කලක සිට ප්‍රාර්ථනා කළ දෙයක් බවද, ශක්තිමත් නායකයන් දෙදෙනකු එක්වීමෙන් කඩා වැටුණු රට ගොඩගැනීමට ශක්තිය ලැබී අැතැයිද සංචාරක හා වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය. රටට වැඩ කිරීමට ලැබුණු අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතා අපතේ හැරිය බව ඊයේ (1දා) දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් හා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකිමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය කිසි දිනක දක්ෂයන්ට තැනක් නොදෙන බවත් නායකත්වය වටා සිටින්නේ සීමීත කණ්ඩායමක් පමණක් බවත් ඇමැති වසන්ත සේනානායක මහතා කීය.
මෙහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවසිය. රටකට හරි ආණ්ඩුවක් තියෙන්න ඕනෑ. පසුගිය යහපාලන ආණ්ඩුව ගතවුණු වකවානුවේ රටට කිසිදු යහපත් දෙයක් කළේ නෑ. එක තැන පල්වෙමින් තිබුණේ. ඉදිරි පරපුරට රටක් තියෙන්න හොඳ ආණ්ඩුවක් තියෙන්න ඕනෑ. ආර්ථිකය දිනෙන් දින කඩා වැටුණා.
මම තවමත් යූ.එන්.පී.යේ. එය වෙනස් වෙලත් නෑ වෙන්නෙත් නෑ. අවුරුදු තුනක් තුළ රනිල් වික්‍රමසිංහ මහතාට හොඳම අවස්ථා දීලත් රටට වැඩක් කරන්න බැරි වුණා. ජනාධිපති හා අගමැති රටට වැඩ කරන්න හොඳ සුසංයෝගයක් බව මං විශ්වාස කරනවා.
මේ වෙලාවේ එකතුව සිටින්නේ රට වැඩියෙන්ම ආදරය කරන හා රටට වැඩියෙන්ම ආදර කරන නායකයන් දෙදෙනෙක්. පසුගියදා කොළඹට ආපු අය කියපු දේ වලින් පැහැදිළි වන්නේ පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් රකින්න ඉදිරිපත් නොවන බවයි. දින සියයේ ආණ්ඩුවේ මට අමාත්‍යංශයක් ලැබුණත් වැඩ කරන්න ඉඩක් ලැබුණේ නැහැ. අප කරන වැඩ දැක්කා ජන ප්‍රසාදය දැක්කා ඒ නිසා අපේ ගමන වැළැක්වුවා. නමුත් මේ අමාත්‍යංශය හරහා ඉදිරියේදී විශාල වැඩ කොටසක් කිරීමට බලාපොරොත්තු වෙනවා. සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්විය.
ඉන්දික පොල්කොටුව හා අසේල කුරුඵවංශ